කතරගම , ගෝතමී ගම අරණ්‍ය සේනාසනය
සේනාසනයේ ආරම්භය සහ අනෙකුත් තොරතුරු.
කතරගම, ගෝතමී ගම අරණ්‍ය සේනාසනය 2006 වසරේදී ආරම්භ කරන ලද පුණ්‍ය ආයතනයකි. මෙහි දැනට ඉදිවෙමින් පවතින සංඝාවාස කුටි, මග පිළිවෙත් ගරුක වැඩිහිටියන් පිදීමේ නිවාසය, සහ අරණ්‍ය සෙනසුණේ කටයුතු වලට සම්බන්ධ වන පින්වතුන් ට නවාතැන් ගැනීම සඳහා ඉදිවෙමින් පවතින විශ්‍රාම ශාලාවෙහි චායාරුප කිහිපයක් පහත දැක්වේ. මෙම අරණ්‍ය සේනාසන භුමිය තුල සෑම පොහෝ දිනකම සීල භාවනා වැඩසටහනක් පැවැත්වේ. එහිදී ධර්ම දේශනා, ධර්ම සාකච්චා, ඇතුළු විවිධ පින්කම් රැසකට සහභාගී වීමට සිල් සමාදන් වන පිරිසට සහ අනෙකුත් උපාසක උපාසිකාවන්ට අවස්ථාව ලැබේ.
මෙහි පැමිණ වන්දනාමාන කොට බුද්ධ වචනයට අනුව දහම මැනවින් වටහාගෙන, සිල්වත්, ගුණවත් දිවියක් ගතකිරීමට පින්වත් ඔබ සැමට ආරාධනා කරමු.
මෙහි පැමිණ වන්දනාමාන කොට බුද්ධ වචනයට අනුව දහම මැනවින් වටහාගෙන, සිල්වත්, ගුණවත් දිවියක් ගතකිරීමට පින්වත් ඔබ සැමට ආරාධනා කරමු.